Pages

Friday, June 14, 2019

පැල් බැදන් පෙම් බදින පිරිමියෙක්ට ලියමි.

එක වරක් දෙවරක්
සපත්තු අඩි කිහිපයක්
රස අැතිව වළදා
නිවාඩුවක සිටින විට
නුඹ අැවිත් හද දොරට
තට්ටු කර එයි තුලට....

කලින් කෑ රස බොජුන්
කොයිතරම් නීරසද
උගුරුදඬු තව තවත්
මතකෙට නැගූවත්
ඉහලින් ගියත් මොකද
පහලින් ගියත් මොකද
සිතුවිල්ලක් නැතිව
නුඹට දුනි පිළිතුරක්....

මුල් දවස් වල නම්
හරි රහයි පැණි හැලිය
ටික දොහක් යනකොටයි
පැණි වුනත් හරි තිත්ත....

කියන්නම් සත්තයි
නුඹේ නෑ වැරැද්දක්
චාටුවක් නෙමෙයි බං
එ්ක නම් අැත්තක්....
කාපු  කටු හින්දා
මගෙ හිතේ වැරැද්දක්
තවත් බැහැ කරන්නට
උඹට අමු බොරුවක්.....

මග හලා එන විටදි
කිව්වා හෙන පච ගොඩක්
දැන් තමයි තේරෙන්නේ
එ්ක මහ කැත වැඩක්....
කාලයක් ගත වුනත්
උඹ නොයා වෙන අතක්
මටම දැන් නම් හිතෙයි
කන්නට පොළවෙ පස් මිටක්.....

නුඹට දෙවි පිහිටයි
තුනුරුවන් සරණයි
අන්තිමට පතමි මං
මට නම් අබ සරණයි.......
                                               චමෝ

Wednesday, June 12, 2019

මේ හිතේ බර මගේ ලෝකෙන් ගසාගෙන පලයන්
පුලුන් රොද සේ ඔහේ ඈතට පියාඹා ගියදෙන්
සිනා පමණක් මගේ මුව අග රැදී තිබුනාදෙන්
දරන්නට බැරි තැනක් ආවොත් හිත ගලක් වෙද්දෙන්...

කාලයක විදි වේදනාවල මතක වියැකෙද්දෙන්
පාලුවක් හිත ගැවසි මොහොතක නින්ද වත් යාදෙන්
හිත බිදෙන්නට හේතු තිබුනත් දුකක් නොදැනිද්දෙන්
මගේ නොවනා කිසිම දේකට පෙමක් නොසිතුනදෙන්...

                                                                      චමෝ

Saturday, June 8, 2019

මගේ සිතැඟි හොදින් දන්න
කොළඹ අහසෙ වළාකුළුත්
ඉරිසියාව හංගාගෙන
හිනාවෙන්න නොහැකි කමින්
විලිබරවෙයි ලැජ්ජාවෙන්.....

හේතුවක්ද අහේතුවද
නොහැගේ කොපමණ හිතුවත්
එ්ත් අනේ ඉරිසියාව
රුසියාවට වඩා ලොකුයි...

වළාකුලේ මේ අහපන්
නුඹ විතරයි මාව දන්නෙ
ගහගෙන යන දිහාවකට
මේ හැගුමත් අරන් යන්න
මගෙ හිනාව අායෙ දෙන්න....
                                              චමෝ

Friday, June 7, 2019

                ගජමන් නෝනා කියවීම.




දඩබ්බර කවිකාරිට මෑතකදි හිතුනා කාලෙකට කලින් කියවපු ගජමන් නෝනව අාපහු වතාවක් කියවන්න ඔීන කියලා. හොඳ සිහි බුද්ධියෙන් පෙර වදන එහෙම කියවගෙන යද්දි තමයි දැන ගත්තෙ ගජමන් නෝනා ජීවත් වෙලා ඉඳලා තියෙන්නෙ රති සාහිත්‍යය රජ කළ මාතර යුගයේ අැත්තියක් බව. ඔය පෞද්ගලික අත්දැකීම් එහෙම කවියට පාදක කරගත්ත මුල්ම කිවිඳියත් ගජමන් නෝනා කියලා තමයි දයානන්ද ගුණවර්ධනයන් කියන්නේ.

පොත කියවන්න පටන් ගත්ත ගමන්ම මුල් හරියෙම තිබුන කවි දෙකක් ළග කවිකාරිගෙ අැහැ නතර වුණා. මෙන්න මේකයි සිද්ධිය. ඔය ගජමන් නෝනා මුලින්ම කරකාර බැඳලා ඉඳලා තියෙන්නේ ගාර්දියේ කියලා රජයේ නිලයක් දරපු කෙනෙක්වයි. ඉතින් ගාර්දියේ දවසක් දුර බැහැරක යන්න කලින් ගජමන් නෝනට මෙන්න මෙහෙම කියනවා.

යන මේ ගමන සිදු වුණි නම් පරමා          ද
එන තුරු අන් දෙස නොබලන් සිතුපෑ      ද
අලපත පැන් වැකි විලසින් නොව හා      ද
සිහිව ඉඳින් ළදෙ මා දුන් අවවා               ද

ඊට පස්සෙ ගජමන් නෝනත් කියනවා එ්කට හරි අපූරු පිළිතුරක්.

හිමි යන ගම්වල අඟනුන් නොවසා    ද
එනු විගසින් එහි නොවෙමින් පරමා   ද
හිමියනි , දැන් ඔඹ මට දුන් අවවා       ද
මම ඉවසම්, මද රද ඉවසුම් දේ            ද

කාන්තාවක් කියන්නෙම දරා ගැනීමේ ශක්තිය අතින් නම් ඉතාම ඉහළයි. එනිසාම අැය මවක් වන්නට පවා සුදුසුකම් ලබන බව සමාජයේ පිළිගත්තකි. ලංකාවේ සංස්කෘතිය තුළ කාන්තාව බොහෝ විට පති භක්තිය බිඳින්න නම් වැඩි මනාපයක් නෑ. හැබැයි ඉතින් ඔය සංස්කෘතිය අස්සෙත් පොඩි පොඩි හිල් නැත්තෙත් නෑ නේ. ගැහැණු වුනත් අවස්ථාවක් හම්බුනාම තහනම් ගහේ ගෙඩියක් එහෙම කාලා බලනවා. රහ දැනගන්නත් එක්කම. කායිකව වෙන්නත් පුළුවන් මනසෙන් වෙන්නත් පුළුවන්.
මනමේ කුමරිය වුනත් වැද්ද දැක්කට පස්සෙ අවුල් වුනානේ කඩුව දෙන්නෙ කාටද කියලා. සමහර විට පිරිමි දෙන්නෙක්ගෙ අාකර්ශනය, අාදරය ඉස්සරහ අසරණ වෙලා අර කඩුවෙන්ම අැනගෙන මැරෙන්න හිතුනද දන්නෙත් නෑ. හිත බේරගන්නයි පන බේර ගන්නයි දාහක් හේතු තමන්ටම කියා ගත්තට ඔය මල්සරා විද්ද වෙලාවට කවුරු වුනත් හෙන අසරණයි.

"මම ඉවසම්, මද රද ඉවසුම් දේ    ද"

කියලා ගජමන් නෝනා කිව්වෙත් නිකමටද මං අහන්නේ?

             (සටහන දඩබ්බර කවිකාරිගෙන්)

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු...