ගජමන් නෝනා කියවීම.
දඩබ්බර කවිකාරිට මෑතකදි හිතුනා කාලෙකට කලින් කියවපු ගජමන් නෝනව අාපහු වතාවක් කියවන්න ඔීන කියලා. හොඳ සිහි බුද්ධියෙන් පෙර වදන එහෙම කියවගෙන යද්දි තමයි දැන ගත්තෙ ගජමන් නෝනා ජීවත් වෙලා ඉඳලා තියෙන්නෙ රති සාහිත්‍යය රජ කළ මාතර යුගයේ අැත්තියක් බව. ඔය පෞද්ගලික අත්දැකීම් එහෙම කවියට පාදක කරගත්ත මුල්ම කිවිඳියත් ගජමන් නෝනා කියලා තමයි දයානන්ද ගුණවර්ධනයන් කියන්නේ.පොත කියවන්න පටන් ගත්ත ගමන්ම මුල් හරියෙම තිබුන කවි දෙකක් ළග කවිකාරිගෙ අැහැ නතර වුණා. මෙන්න මේකයි සිද්ධිය. ඔය ගජමන් නෝනා මුලින්ම කරකාර බැඳලා ඉඳලා තියෙන්නේ ගාර්දියේ කියලා රජයේ නිලයක් දරපු කෙනෙක්වයි. ඉතින් ගාර්දියේ දවසක් දුර බැහැරක යන්න කලින් ගජමන් නෝනට මෙන්න මෙහෙම කියනවා.
යන මේ ගමන සිදු වුණි නම් පරමා ද
එන තුරු අන් දෙස නොබලන් සිතුපෑ ද
අලපත පැන් වැකි විලසින් නොව හා ද
සිහිව ඉඳින් ළදෙ මා දුන් අවවා ද
ඊට පස්සෙ ගජමන් නෝනත් කියනවා එ්කට හරි අපූරු පිළිතුරක්.
හිමි යන ගම්වල අඟනුන් නොවසා ද
එනු විගසින් එහි නොවෙමින් පරමා ද
හිමියනි , දැන් ඔඹ මට දුන් අවවා ද
මම ඉවසම්, මද රද ඉවසුම් දේ ද
කාන්තාවක් කියන්නෙම දරා ගැනීමේ ශක්තිය අතින් නම් ඉතාම ඉහළයි. එනිසාම අැය මවක් වන්නට පවා සුදුසුකම් ලබන බව සමාජයේ පිළිගත්තකි. ලංකාවේ සංස්කෘතිය තුළ කාන්තාව බොහෝ විට පති භක්තිය බිඳින්න නම් වැඩි මනාපයක් නෑ. හැබැයි ඉතින් ඔය සංස්කෘතිය අස්සෙත් පොඩි පොඩි හිල් නැත්තෙත් නෑ නේ. ගැහැණු වුනත් අවස්ථාවක් හම්බුනාම තහනම් ගහේ ගෙඩියක් එහෙම කාලා බලනවා. රහ දැනගන්නත් එක්කම. කායිකව වෙන්නත් පුළුවන් මනසෙන් වෙන්නත් පුළුවන්.
මනමේ කුමරිය වුනත් වැද්ද දැක්කට පස්සෙ අවුල් වුනානේ කඩුව දෙන්නෙ කාටද කියලා. සමහර විට පිරිමි දෙන්නෙක්ගෙ අාකර්ශනය, අාදරය ඉස්සරහ අසරණ වෙලා අර කඩුවෙන්ම අැනගෙන මැරෙන්න හිතුනද දන්නෙත් නෑ. හිත බේරගන්නයි පන බේර ගන්නයි දාහක් හේතු තමන්ටම කියා ගත්තට ඔය මල්සරා විද්ද වෙලාවට කවුරු වුනත් හෙන අසරණයි.
"මම ඉවසම්, මද රද ඉවසුම් දේ ද"
කියලා ගජමන් නෝනා කිව්වෙත් නිකමටද මං අහන්නේ?
(සටහන දඩබ්බර කවිකාරිගෙන්)
❤❤❤
ReplyDelete❤❤❤
ReplyDelete😘😘😘
ReplyDeleteLassanai bn
ReplyDeleteEla
ReplyDelete❤❤❤
ReplyDelete😱♥️
ReplyDelete👍👍🔥🔥
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete