අරුත් සුන් වූ පෙම් කතා
ලියා අැති උන් දහක් අතරේ
සොඳුරු පෙම්වත අපේ හැගුමන්
මියනොදේවි කල්ප ගාණක්....
රාගයෙන් තොර අාදරය නම්
පැතුවෙ නෑ අප බොළද හැගුමන්
දනී නුඹ මා එක්වනා තැන
පුළුන් යහමින් අැවිලෙනා වග.....
කාලයට ඉඩ බාර කරදී
තුටින් උණුහුම වැළද ගත්තා
වෙන්වනා දින කොයිම ලෙසවත්
තුරුණු හැගුමට සාප නොකළා.....

Eka maru
ReplyDeletelassana wadak
ReplyDeleteඅරුත් සුන් රචනාවන් අතරේ හිතට ගොඩක් දැනුන පද රචනාවක්..❤️❤️❤️❤️
ReplyDelete