Pages

Wednesday, July 10, 2019

අරුත් සුන් වූ පෙම් කතා
ලියා අැති උන් දහක් අතරේ
සොඳුරු පෙම්වත අපේ හැගුමන්
මියනොදේවි කල්ප ගාණක්....

රාගයෙන් තොර අාදරය නම්
පැතුවෙ නෑ අප බොළද හැගුමන්
දනී නුඹ මා එක්වනා තැන
පුළුන් යහමින් අැවිලෙනා වග.....

කාලයට ඉඩ බාර කරදී
තුටින් උණුහුම වැළද ගත්තා
වෙන්වනා දින කොයිම ලෙසවත්
තුරුණු හැගුමට සාප නොකළා.....
                                               

3 comments:

  1. අරුත් සුන් රචනාවන් අතරේ හිතට ගොඩක් දැනුන පද රචනාවක්..❤️❤️❤️❤️

    ReplyDelete

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු...