සුදු මැණිකේ නුඹෙ සිනාව
මට ගෙනේවි පෙම් ඉනාව
හිත අද්දර තනි මකන්න
නුඹ අැති වෙනකෙකු කුමකට....
හීන හතක් මැදි කර මම
සත් මහලක් තැනූවයි
සදලුතලේ නුඹත් එක්ක
පෙම් අම රස බිව්වයි
මැදියම් රෑ සඳ එළියෙන්
තරු මිණි කැට ගැන්නයි
සීතලේට තුරුල් වෙලා
කව් සී පද ගැයුවයි......
පුන් පෝයට නුඹත් එක්ක
කැළණි වෙහෙර වැන්දයි
දූ පැටියෙක් ලබා ගන්න
දේව වරම් යැද්දයි
සංසාරෙම එකට ඉන්න
පාරමි දම් පිරුවයි
මතු සසරෙත් මගේ වෙයන්
සවනට මිමිණූවයි........
චමෝ
adahas harima lassanai macho..
ReplyDeleteMaru
ReplyDeleteLassanai
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteLovely
ReplyDeleteLassanai
ReplyDelete♥️
ReplyDelete❤️
ReplyDelete